තවත් කොරෝනා මරණ 214ක් වාර්තා වෙයි

1
Covid Deaths Yesterday in Sri Lanka - තවත් කොරෝනා මරණ 214ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 214 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) තහවුරු කළ මෙම මරණ 214 ත් සමගින් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 8371ක් ලෙසටයි.

ඊයේ තහවුරු කරනු ලැබූ මරණ අතරට කාන්තාවන් 94ක් සහ පිරිමි පුද්ගලයන් 120ක් අයත්.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව වාර්තා කළ වැඩිම මරණ සංඛ්‍යාව ද මෙයයි.