දරුවෙකුට කොවිඩ් වැළඳී ඇති බව හඳුනා ගන්නේ මෙහෙමයි

0
Covid Positive Children - දරුවෙකුට කොවිඩ් වැළඳී ඇති බව හඳුනා ගන්නේ මෙහෙමයි

දරුවෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇත්දැයි හඳුනා ගන්නා ආකාරය ගැන රිජ්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

නිතර දරුවා අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම මගින් කොවිඩ්-19 රෝග ලක්ෂණ හඳුනා ගත හැකි බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව පහත ස්වභාවයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කරයි.

දරුවා ඇවිදින විට වෙනදාට වඩා මහන්සි ස්වභාවයක් පෙන්නුම් කරන්නේ ද?
ඉතා කෙටි දුරක් ඇවිද යාමේදී දරුවා නතර වනවා ද? වාඩි වනවා ද? හුස්ම ගැනීමේ වේගය වැඩි වනවා ද ?
දරුවාගේ තොල් කළු පැහැ ගැන්වෙනවා ද? ඇස් අවපැහැ ගැන්වෙනවා ද? සම මළානික ස්වභාවයක් ගන්නේ ද?

එවැනි ලක්ෂණ ඇතැම්විට දරුවාගේ ඔක්සිජන් මට්ටම අඩු බවට පෙන්නුම් කරනවා විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

වයස අවුරුදු 2කට වඩා අඩු දරුවන්ගේ මෙවැනි ලක්ෂණ නිරීක්ෂණය කිරීම ඉතාමත් අපහසු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.