ලොක්ඩවුන් එකට මම විරුද්ධයි.. මිනිසුන්ගේ හිතේ මරණ බිය ඇතිකරන්න එපා…

0
SB Dissanayake Press Conference - ලොක්ඩවුන් එකට මම විරුද්ධයි.. මිනිසුන්ගේ හිතේ මරණ බිය ඇතිකරන්න එපා...

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවට ඊයේ පැවති මාධ්‍ය හමුවකදී තමන් සිදුකල ප්‍රකාශයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා අද ප්‍රතිචාර දැක්වූවා.

ඒ අද පෙරවරුවේ කැදවා තිබු මාධ්‍ය හමුවකදීයී.

කොරෝනා වසංගතය පිළිබද අනිසි මරණ බියක් ඇති කරවීමෙන් වළකින ලෙස සියලූ දේශපාලනඥයින්ගෙන් සහ මාධ්‍ය ආයතන වලින් එස් බී දිසානායක මහතා අද දිනයේත් ඉල්ලීමක් සිදුකලා.

විවිධ අවස්ථා වලදී රට වසා දැමීමට රජය ගන්නා තීරණ වලට තමන් පෞද්ගලිකව විරුද්ධ බවද ඔහු එහිදී අවධාරණය කලා.

එලෙස රටක් වසා දැමීමේදී දරුවන් ඇතුලූ විවිධ සමාජ කණ්ඩායම් විශාල මානසික පීඩනයකට පත්වන බවයි එස් බී දිසානායක මහතා පෙන්වා දෙන්නේ.