ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 වනදා අලුයම 04 දක්වා

0
Quarantine Curfew Increase - ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 වනදා අලුයම 04 දක්වා

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සැප්තැම්බර් 06 වනදා අලුයම 04 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටින්නේ නිරෝධායන ඇඳිරි නීති රෙගුලාසි ජනතාව හදවතින් පිළි නොපදින බවයි.