කරාපිටියෙන් පැය 24ක් තුළ කොවිඩ් මරණ 18ක්

0
Covid Deaths in Karapitiya Hospital - කරාපිටියෙන් පැය 24ක් තුළ කොවිඩ් මරණ 18ක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලින් ඉකුත් පැය 24ක කාලය තුළදි තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී ඇති බව රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

මින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇත්තේ නිවෙස්වලදි වන අතර මිය යාමෙන් පසුව කරනු ලැබු පී.සී.ආර්. පරික්ෂණ වලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී ඇත.

රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රථිකාර ලබමින් සිටියදි අනික් 11 දෙනා මියගොස් ඇත. මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 07 නෙකු, සහ කාන්තාවන් 11 දෙනෙකු වෙති.

ඉකුත් 25 වැනි දින උදෑසන 7.00 සිට 26 වැනිදින උදෑසන 7.00 දක්වා පැය 24 ක කාලය තුළ මෙම කොවිඩ් මරණ වාර්තා වි ඇත.

(ada.lk වෙබ් අඩවිය ඇසුරිනි)