දෛනික කොවිඩ් මරණ ගණන 200 ඉක්මවයි.. සමස්ත ආසාදිත මරණ 8,157ක්…

1
Covid Deaths in Sri Lanka Yesterday - දෛනික කොවිඩ් මරණ ගණන 200 ඉක්මවයි.. සමස්ත ආසාදිත මරණ 8,157ක්...
තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එය දිනක් තුළ වාර්තා වු වැඩිම මරණ ගණන වේ.

පෙරේදා (25) දින තහවුරු කර ඇති එම මරණ 209ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 101 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 108 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

එම මරණ අතර අවුරුදු 60 සහ ඊට වැඩි පිරිස 163කි.