කොරෝනා බයවිය යුතු මාරාන්තික රෝගයක් නෙවෙයි

0
SB Dissanayake Statement of Covid - කොරෝනා බයවිය යුතු මාරාන්තික රෝගයක් නෙවෙයි
කොරෝනා වෛරසය බය විය යුතු මාරාන්තික රෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. කොවිඩ් සම්බන්ධයෙන් මිනිසුන් තුල අනවශ්‍ය බියක් ඇති නොකළ යුතු බවත්, එලෙස ඇති කරවන බිය මරණයට ප්‍රධාන හේතුවක් බවයි ඔහු කියා සිටින්නේ.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මේ කොරෝනා අසනීපය හැදෙන සීයයට 81ක් ඇගට පතට නොදැනී හොද වෙලා යනවා. තවත් සීයයට 14කට තමයි පොඩි උණක් වගේ හැදෙන්නේ. හරියට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවම හැදෙනවා වගේ උණක්. කොරෝනාව හැදෙන සීයයට 95ක් වගේ හොද වෙනවා.

සීයයට 5 කට වගේ තමයි අමාරු වෙන්නේ. සීයයට 3 කටත් ඉන් හොද වෙනවා. එතනින් මියයන්නේ සීයයට 2ක් වගේ කොටසක්. මොකද අපේ මරණ අනුපාතය තියෙන්නේ සීයයට 1.9ක් වගේ අගයක්.

ලෝකේ කොරෝනා මරණ අනුපාතය 2.3ක් වගේ තියෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, MPR මාධ්‍ය සේවය සහ රොයිටර් පුවත් සේවය පසුගිය මාර්තු මාසයේ ඉදලා ලෝකයේ කොවිඩ් දරුණු ලෙස එංගලන්තයේ, බ්‍රසීලය, අමෙරිකාව, ඉන්දියාවේ වගේ රටවල කොවිඩ් ව්‍යාප්තිය වෙන අවස්ථාවලදී සිදුවූ මරණ ගැන වාර්තාවක් හැදුවා.

එකෙන් පලවෙනි තැන ගත්තේ පිළිකාව. රටක් මේ විදිහට වසාගෙන ඉන්න බෑ. රට විවෘත කලාට පස්සේ හැමෝම ස්වෙච්ජාවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරලා ඉදිරියට යන්න ඕන. මේක මගේ පෞද්ගලික මතයක්. අනිත් එක අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් කරන දේවල් අපිට කරන්න බැහැ” එස්. බී. දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියා.