ඇඳිරිනීතිය අස්සේ කොළඹ ට්‍රැෆික්

0
Colomco Traffic in Curfew - ඇඳිරිනීතිය අස්සේ කොළඹ ට්‍රැෆික්

කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොළඹ නගරයේ දැන් දැන් රථ වාහන විශාල ප්‍රමාණයක් ඇතුළු වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

දෙමටගොඩ ,ඔරුගොඩවත්ත කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, රාජගිරිය යන නගරවල දැඩි වාහන තදබදයක් දක්නට ඇත.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 10 ක කාලයේදී අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාමට පමණක් අවසර හිමි වුව ද මේ ආකාරයෙන් වාහන ඇතුළු විම එතරම් හොඳ නැති බව කියති.