දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණේ

0
South Africa Cricket Team - දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණේ

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා අද අලුයම දිවයිනට පැමිණියා.

කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලුයම 02 යි 15 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණ තිබූ බවයි නිවුස් රේඩියෝ ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

දැඩි ආරක්ෂාව මධ්‍යයේ මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිස කොළඹ බලා රැගෙනවිත් ඇති අතර ජෛව ආරක්ෂක බුබුලක් ලෙස ක්‍රිකට් තරග සංචාරය තුළ මෙම ක්‍රීඩකයන් කටයුතු කිරීමට නියමිතයි.