සමාජ මාධ්‍යයේ සංසරණය වූ ඡායාරූපය ගැන හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කතා කරයි

0
Ajith Rohana Statement of Facebook Photo - සමාජ මාධ්‍යයේ සංසරණය වූ ඡායාරූපය ගැන හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කතා කරයි

තමා මේවන විට සුව අතට පත්වෙමින් ඇතැයි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

තවත් දින කිහිපයකින් රෝහලින් පිටව යාමට හැකි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බවයි ඔහු සඳහන් කළේ.

සංසරණය වූ ඡායාරූපය ව්‍යාජ එකක්

මේ වනවිට කොවිඩ් ආසාදිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වූ අතර එය ව්‍යාජ එකක් බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙලෙස අදහස් පළකළා.

“දැන් මට හොඳයි.. තව දවස් තුන හතරකින් යන්න පුළුවන් කිව්වා.. මට අමාරුයි කියලා වෙන කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා.. හැබැයි හැමෝම වගේ මට හොඳ කියලා ඉක්මණින් සුව වෙන්න කියලා දාලා තිබ්බා.. ඒකට සතුටුයි… තව දවස් තුන හතරකින් හොඳටම සුව වෙලා රෝහලෙන් පිට වෙන්න පුළුවන්..”