නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරයි ද..? තීරණය ප්‍රකාශ කරන දිනය මෙන්න…

0
Lockdown Increase Decision - නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරයි ද..? තීරණය ප්‍රකාශ කරන දිනය මෙන්න...

පවතින නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සිකුරාදා (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

සිකුරාදා දිනයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමෙන් අනතුරුව වාර්තාවන රෝගීන් ප්‍රමාණයත් වාර්තාවන මරණ ප්‍රමාණයත් අනුව 30වනදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කිරීම හෝ නොකිරීම තීරණය කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්ම සෞඛ්‍ය පුරුදුවලට ජනතාව අනුගත වීම සියයට සියයක් දක්නට නොලැබෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

සංචරණ සීමා පනවනු ලැබුවේ ජනතාවගේ සංචරණය සීමා කර රෝගීන් අලුතින් රෝගීන් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් වන අතර වෛරසය පැතිරීම වැළැක්විය හැකි වන්නේ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම තුලින් බව ද අසේල ගුණවර්ධන මහතා කියාසිටියා.

එබැවින් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුල හැකි තාක් නිවෙස්වලට වී සිටින ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේ.

එසේ නොමැති වුව හොත් ඉදිරියට ද රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකීමට නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළා.