ඉරාජ් ඉල්ලා අස්වෙයි

0
Iraj Weeraratne Resigned - ඉරාජ් ඉල්ලා අස්වෙයි
ජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න වෙත නව රජය බලයට පත්වූ අලුත ලැබුණ රැකියාව ඔහු අතහැරි බවට නිවේදනයක් නිකුත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බවත් කලින් යොදාගත් අත්‍යවශ්‍ය පෞද්ගලික කාරණා කිහිපයක් මුල් කර ගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්ය.

ඔහු පසුගිය දිනවල සිය ෆේස්බුක් ගිණුම අක්‍රීය කරගෙන සිටි බවටද සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති නිර්මාණය විය.