මංගල දැයෙන් සමුගෙන යයි

0
Funeral of Mangala Samaraweera in Borella - මංගල දැයෙන් සමුගෙන යයි
කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වූ හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 65 ක්.

පසුගිය 13 වනදා කොරෝනා ආසාදිතව ඔහු රෝහල් ගත කළ අතර, කොවිඩ් සංකූලතා හේතුවෙන් හිටපු අමාත්‍යවරයා මියගිය බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකළ අවස්ථාවට දේශපාලනඥයින් ඇතුළු පිරිසක් පැමිණ සිටියේය.