දැරණියගල දී පුද්ගලයෙක් ආයුධයකින් පහරදී සිය සොහොයුරා ඝාතනය කරයි

0
Murder in Deraniyagala - දැරණියගල දී පුද්ගලයෙක් ආයුධයකින් පහරදී සිය සොහොයුරා ඝාතනය කරයි
දැරණියගල – දෙමැද ප්‍රදේශයේ දී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු සිය සොහොයුරා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ මොහු සිය වැඩිමහල් සහෝදරයා සමඟ නිවසේ සිටිය දී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 45 හැවිරිදි අවිවාහක අයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකාර 54 හැවිරිදි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ මිතුරෙකු ද අත්අඩංගුවට ගැණුනා.