දේශපාලන පිටියේ නොමැකෙන සටහන් තැබූ මංගල දිවි ගමන නිම කරයි

0
Mangala Samaraweera Dead - දේශපාලන පිටියේ නොමැකෙන සටහන් තැබූ මංගල දිවි ගමන නිම කරයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා කොවිඩ් වෛරසය වැළඳීමෙන් අනතුරුව රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටියා.

ඔහු ප්‍රථිකාර ලබමින් සිටියේ කොළඹ පුද්ගලික රෝහලකයි.

මෙරට දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට කලක් පත්ව සිටි ඒ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ ප්‍රධානතම අමාත්‍ය තනතුරු කිහිපයක්ම දරනු ලැබුවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ සටනේ දීද මුල් පෙළේ කාර්යභාරයක් ඉටු කළ ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයට එක්ව දේශපාලන ගමන ඉදිරියට ගෙන ගියා.

යහපාලන රජය සමයේ මුදල් අමාත්‍යවරයා ලෙසත් විදේශ අමාත්‍යවරයා ලෙසත් ඔහු කටයුතු කරනු ලැබුවා.