කොරෝනා ආසාදිතවූ 27 හැවිරිදි ගැබිනි මවක් ජීවිතයෙන් සමුගනී

0
Pregnant Women Dead by Covid - කොරෝනා ආසාදිතවූ 27 හැවිරිදි ගැබිනි මවක් ජීවිතයෙන් සමුගනී
වයස අවුරුදු 27ක් වූ හත්මස් ගැබිනි මවක් කොරෝනා ආසාදිතව මියගොස් තිබෙනවා.

කොරෝනා ආසාදිතවූ 27 හැවිරිදි ගැබිනි මවක් ජීවිතයෙන් සමුගනී

උතුරු කළුතර නිග්‍රෝධාරාම පාරේ පදිංචිව සිටි ඇයගේ මරණය පිළිබඳව ඇයගේ සැමියා විසින් කළුතර තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දී තිබෙනවා.

මියගොස් ඇත්තේ මගේ බිරියයි. අප විවාහ වී වසර තුනක් පමණ වෙනවා. බිරියට උණ හා ආහාර ගැනීමට අපහසුතාව තිබුණා. වෛද්‍යවරු කීප දෙනකුගෙන් ප්‍රතිකාර ලබා ගත්තා.

බිරියගේ අසනීප තත්ත්වය නිසා මා වෑන් රථයකින් ඇගේ මව සිටින බෝම්බුවල නිවෙසට ගෙන ගියා.

මා ගල්කිස්සේ මගේ ගෙදරට ගියා.

බිරියගේ සොයුරිය පසුව මට කතා කර බිරිය හුස්ම ගන්න අපහසුවෙන් සිටින බව කිව්වා.

ඉක්මනින් නාගොඩ රෝහලට ගෙනයන ලෙස මම කිව්වා.

මාද ඉක්මනින් බිරිය බැලීමට රෝහලට ආවා.

ඒ වන විට බිරිය දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා ඇතුළු කර තිබුණා.

මා බිරිය ගැන වෛද්‍යවරුන්ගෙන් විමසූ විට ඇය මියගිය බව කිව්වා.

මරණය ගැන සැකයක් නැහැ. කොරෝනා රෝගයෙන් මියගිය බව පිළිගන්නවා.”

මෙහිදී ඉදිරිපත් වූ සාක්ෂි හා කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එස්. අත්තනායක මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙය කොරෝනා ආසාදිත වීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරු කර තිබෙනවා.