වයස අවුරුදු 12ක කුඩා දියණියක් කොවිඩ් මාරයාට බිලි වෙයි

0
Dead Daughter by Covid in Ridgeway Hospital - වයස අවුරුදු 12ක කුඩා දියණියක් කොවිඩ් මාරයාට බිලි වෙයි

කොවිඩ් නිසා ජීවිත අවදානමට ලක්වීමට වයස් භේදයක් නැහැ.

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න අවශ්‍ය ඒ නිසයි..

විශේෂයෙන්ම කුඩා දරුවන් අපි මේ වෛරසයෙන් ආරක්ෂා කරගත යුතුයි.

කුඩා දියණියකට පෙරේදා (22) ජීවිතය අහිමි වුණේ, මේ බව නැවත වැනතත් පසක් කරමිනි.

එම කනගාටුදායක ඉරණම අත්වුණේ නාවල පදිංචි 12 වියැති අභිමානි නවෝද්‍යා සේර සුන්දර දියණියටයි..

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ජීවිතක්ෂයට පත් වූ දැරියගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරිණ.

දැරියගේ අවසන් කටුයුත ඊයේ සිදු කෙරුණේ, බොරැල්ල සුසාන භූමියේදීයි.

පසුව දැරිය සිහිපත් කරමින් ආගමික වතාවත් පැවැත්විණ.