කළුබෝවිල කොවිඩ් මළ සිරුරු මෙන් හැඟෙන ලෙස පිටරට ඡායාරූප අන්තර්ජාලයට එක් කළ නුගේගොඩ පුද්ගලයා

0
Arrested by CID - කළුබෝවිල කොවිඩ් මළ සිරුරු මෙන් හැඟෙන ලෙස පිටරට ඡායාරූප අන්තර්ජාලයට එක් කළ නුගේගොඩ පුද්ගලයා

කළුබෝවිල රෝහලේ කොවිඩ් මළ සිරුරු තැනින් තැන දමා ඇති බව පවසමින් විදෙස් රටක ඡායාරූප ව්‍යාජ ලෙස සකසමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරී පුද්ගලයෙකු ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“මළමිණී ගොඩගැහෙන්න පටන් අරන් අනේ අපට සරණක් නැද්ද”? යනුවෙන් සටහන් කර මෙම ඡායාරූප ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙක් වනවා.

නිරෝධායන පනත , ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ ඔහුට චෝදනා ගොනු කිරීමට නියමිත අතර සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.