කැබිනට් මණ්ඩලයම අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට දෙයි

0
Ministers Salaries for Covid Fund - කැබිනට් මණ්ඩලයම අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට දෙයි
සියලු කැබිනට් ඇමැතිවරුගේ අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට ලබා දීමට අද පැවැති කැබිනට් රැස්වීමේ දී තිරණය කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කැබිනට් මණ්ඩල රැස්වීමේදි ප්‍රකාශයට පත් කර ඇත.

කොවිඩ් 19 නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සිදුවුවහොත් කැපවීම් කිරීමට සියලු ජනතාව සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව සියලු අමාත්‍යවරුන් අගෝස්තු මාස වැටුප කෝවිඩ් අරමුදලට පිරිනමන බව අගමැතිවරයා පවසා ඇත.