මැතිවරණ කොමසාරිස් ජනරාල් දැඩි සත්කාර ඒකකයට

0
Saman Sri Rathnayake in KDU ICU - මැතිවරණ කොමසාරිස් ජනරාල් දැඩි සත්කාර ඒකකයට

කොරෝනා ආසාදනයවූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටී.

කොරෝනා ආසාදනයවීමෙන් පසුව රත්නායක මහතා මහනුවර සිය නිවෙසේ නිරෝධායනය වෙමින් සිටියේය.

මෙසේ නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේම හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම නිසා සෞඛ්‍ය අංශ විසින් ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබීය .

පසුව තෙල්දෙණිය රෝහලේ සිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට මාරු කර යැවූ බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

එම රෝහලේදී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට ඔක්සිජන් පහසුකම් ලබාදී ඇති බවත් ඔහුගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත් අතට හැරී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග වලින් පැවසේ.

සමන් ශ්‍රී රත්නායක මහතාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ හඳුනා ගැනුණේ ඉකුත් සතියේදීය.

කොවිඩ් අවදානම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභා පධාන කාර්යාලය ඉකුත් 13 වැනිදා වසා දමනු ලැබීය.