කොවිඩ් මාරයා විසින් බිලිගත් පළමු ගිලන්රථ රියදුරා

0
Ambulance Driver Death by Covid - කොවිඩ් මාරයා විසින් බිලිගත් පළමු ගිලන්රථ රියදුරා
රත්නපුර ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ ගිලන්රථ රියදුරෙක් ද කොවිඩ් ආසාදිතව ඊයේ (22) මියගොස් තිබුණි.

වසර 20ක කාලයක් ගිලන් වූ ජනතාව වෙනුවෙන් සේවය කළ 57 හැවිරිදි බී.ඒ. අමරජීව මහතා නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොවිඩ් ආසාදිතව මියගිය පළමු ගිලන් රථ රියදුරා වන්නේද ඔහුය.

මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ ඊයේ පස්වරුව වනවිට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහ රැසක් තැන්පත් කර තිබුණි.

කොවිඩ් ආසාදිතව එම රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් රෝහලට ඇතුළත් කරගන්නා තෙක් ඔවුන්ට පැය ගණනාවක් රැඳීසිටීමට ද සිදුවී තිබේ.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)