නීති විරෝධී මත්පැන් විකුණපු පුද්ගලයෙක් පොලිස් ත්‍රිරෝද රියේදි මැරුට

0
Illegal Alcohol Businessman Dead in Threewheel - නීති විරෝධී මත්පැන් විකුණපු පුද්ගලයෙක් පොලිස් ත්‍රිරෝද රියේදි මැරුට

නීති විරෝධී මත්පැන් සමග අත් අඩංගුවට ගත් සැකකරුවකු පොලිසියට රැගෙන එන අතරතුරදී ඇතිවූ රෝගී තත්වයක් මත මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසයි.

මතුගම යටදොල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත.

යටදොල ප්‍රදේශයේ පුද්ගලයකු කසිප්පු විකුණන බවට මතුගම පොලිසියට ලැබුණු තොරතුරක් අනුව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානය වටලා නීතිවිරෝධී මත්පැන් සමග එම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු මතුගම පොලිසියේ ත්‍රී රෝද රථයකින් පොලිස් ස්ථානය වෙත රැගෙන එන අතරතුරදී එකවර අසනීප වීම නිසා ඔහු වෑත්තෑව රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත.

අනතුරුව මතුගම වැඩබලන මහේස්ත්‍රාත් සුභාෂිණි ජයවික්‍රම මහත්මිය වෑත්තෑව රෝහලට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මියගිය අයගේ දේහය නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර අධිකරණ වෛද්‍යපරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස කරන ලද නියෝගය අනුව මෘතදේහය නාගොඩ රෝහල වෙත බාරදී ඇත.