හදවත් රෝගීන්ට කොවිඩ් වැළඳුනොත් භයානකයි

0
Covid Positive Hart Patients - හදවත් රෝගීන්ට කොවිඩ් වැළඳුනොත් භයානකයි
හදවත් රෝගී පුද්ගලයෙක්ට කොවිඩ් වැළඳුනහොත් තත්ත්වය භයානක බව විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් අද (23) පුවත්පතක් ද කරුණු වාර්තා කර තිබෙනවා.

එවන් අයෙකුට රෝගය වැළඳුනහොත් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා සංකූලතා ඇති විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

හදවත් රෝගීන් කොවිඩ් 19 මර්දන එන්නත් ලබා ගැනීමේ දී එතෙක් ලබාගත් කිසිදු බෙහෙතක් නැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ‘වෝෆරින් ‘ ලබාගන්නා අය පමණක් පරීක්ෂණයක් කර වාර්තාව වෛද්‍යවරයාට ලබාදිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා පවසනවා.