ළිඳකට වැටී මියගිය දරුවාටත් කොවිඩ්

0
Covid Positive Baby Dead - ළිඳකට වැටී මියගිය දරුවාටත් කොවිඩ්

නිවෙස අසල වූ අඩි 8ක් පමණ ගැඹුරැති ළිඳකට වැටීමෙන් අවුරුදු දෙකක් වයසැති දරුවකු පෙරේදා (21) මියගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බේරුවල, අඹේපිටිය, නඩුකාරවත්තේ පදිංචිව සිටි මොහොමඩ් අයතුල්ලා උමර් අලි නම් වූ දරුවෙකි.

මියගිය දරුවාගේ සිරුර කළුතර නාගොඩ මහ රෝහලට ගෙන ඒමෙන් පසුව කළ ඇන්ටිජන් පරීක්ෂාවේදී එම දරුවා කොරෝනා ආසාදිතව සිට ඇති බවට අනාවරණය විය.