පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකෙරේ

0
Nihal Thalduwa Statement about Curfew Permits - පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකෙරේ

නිරෝධායන ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුල පොලිස් ස්ථාන මගින් කිසිදු ආකාරයක ඇදිරිනීති බලපත්‍රයක් නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව සදහන් කළේ.

භාණ්ඩ ප්‍රවාහන සේවා සදහා අවශ්‍ය ඇදිරිනීති බලපත්‍ර ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි අතර මීට පෙර ලබාගෙන ඇති බලපත්‍ර ඇත්නම් ඒවා අලුත් කරගැනීමද එම කාර්යාල මගින් සිදුකරගත හැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියා.

ළගම ඥාතියෙකුගේ අවමංගල්‍යය අවස්ථා වැනි මානුෂීය හේතුන් වෙනුවෙන් නිවෙස්වලින් බැහැරවීමට අවශ්‍යනම් මාර්ග බාධක රාජාකිරියේ යෙදී සිටින නිළධාරින් වෙත දැනුම්දීමෙන් එම අවශ්‍යතාව ඉටුකරගත හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.