ආණ්ඩුවට ගහන්න විදේශයකින් කෝටි 85ක් එයි

0
Money for Protests Against Goverment - ආණ්ඩුවට ගහන්න විදේශයකින් කෝටි 85ක් එයි

රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීම සඳහා විදේශ සංවිධානයක් විසින් රුපියල් කෝටි 85ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලබාදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම මුදල් මෙරට දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති කිහිපයකට ද ප‍්‍රසිද්ධ හිමිනමකට හා මාධ්‍ය කණ්ඩායමකට ද ලැබී ඇත.

අදාළ විදේශ සංවිධානයේ සිටින ඉහළම නිලධාරියකුගේ මැදිහත්වීමෙන් මෙම මුදල් ලබාදී තිබේ.

මෙම මුදල් වලින් රුපියල් කෝටි 50ක් අදාළ මාධ්‍ය කණ්ඩායමටත් ප‍්‍රසිද්ධ හිමිනමට රුපියල් කෝටි 5ක් සහ වෘත්තීය සමිති හා දේශපාලන පක්‍ෂ සඳහා රුපියල් කෝටි 30ක් වශයෙනුත් බෙදා දී ඇත.

(divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි)