ඊයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ – වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්

0
New cases in sri lanka - ආසාදිතයින් හමුවු ප්‍රදේශ

අඛණ්ඩව තෙවන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 2,500 සිමාව ඉක්මවා ගිය අතර හඳුනාගත් ආසාදිතයින් 2,568 දෙනාගෙන් 1,323 දෙනෙකුම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (11) දිනයේ 600 ඉක්මවා තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 606 දෙනෙකු හඳුනාගෙන ඇති තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ

ඒ අනුව කොල්ලුපිටියෙන් 14ක්, නාරාහේන්පිට 18ක්, බොරැල්ලේ 10ක්, කොළඹ නගර සීමාවෙන් 53ක්, අවිස්සාවේල්ලෙන් 22ක්, බම්බලපිටියෙන් 14ක්, බොරලැස්ගමුවෙන් 19ක්, ගොතටුවෙන් 29ක්, හෝමාගම 15ක්, කොට්ටාවෙන් 30ක්, මහරගම 29ක්, මිරිහාන 21ක්, මොරටුව 20ක්, ගල්කිස්සේ 28ක්, මුල්ලේරියාව 40ක්, නවගමුව 20ක්, පිළියන්දල 36ක්, තලංගම 19ක්, වැලිකඩ 18ක් හා වැල්ලම්පිටියෙන් 19ක් ලෙස ආසාදිතයින් වැඩි වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී ආසාදිතයින් 300ක් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ

ඒ අතර, දොම්පේ 22ක්, දුන්ගල්පිටිය 24ක්, ජා ඇළ 31ක්,කටානේ 18ක්, කටුනායක 62ක්, කොච්චිකඩේ 15ක්, මිනුවන්ගොඩ 13ක්, මීගමුව 35ක් හා නිට්ටඹුව 11ක් ලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ දී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 417ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් පානදුර දකුණ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ

ඒ අනුව අගලවත්ත 15ක්, අටලුගම 10ක්, දොඩම්ගොඩ 36ක්, ඉංගිරියේ 18ක්, කළුතර උතුර 30ක්, කළුතර දකුණ 35ක්, මිල්ලනිය 58ක්, පානදුර උතුර 16, පානදුර දකුණ 102ක්, පයාගල 18ක්, තෙඹුවන 20ක් හා වස්කඩුවෙන් ආසාදිතයින් 19ක් ලෙස වාර්තා වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 196 දෙනෙකු , ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 148 දෙනෙකු , මහනුවර දිස්ත්‍රික්කයෙන් 110 දෙනෙකු මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් 108 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/