දුම්පානය කරන්නන්ට අනතුරු ඇඟවීමක්

0
Covid Vaccination Situation of Smoking People -දුම්පානය කරන්නන්ට අනතුරු ඇඟවීමක්
දුම්පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමේ හැකියාව වෙනත් පුද්ගලයින්ට සාපේක්ෂව 14 ගුණයකින් වැඩි බව දුම්කොළ හා ම ධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ දුම් පානය කරන පුද්ගලයින් අසල රැඳීසිටින සෙසු පුද්ගලයින්ට ද එම ප්‍රතිඵල අත්විය හැකි බවය.

එවැනි පුද්ගලයින්ට කොවිඩ් -19 වෛරසය ආසාදනයවූ විට අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ හැකියාව ද ඉතා ඉහළ මට්ටමක පවතින බව වෛද්‍ය සාමාධි රාජපක්ෂ මහතා පැවසීය.

ඔවුන් කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් වුවද නිසි ආරක්ෂාවක් නොලැබෙන බව අද (21) පැවැති මාධ්‍ය හමුවකදී දුම්කොළ හා ම ධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)