වනිඳු සහ දුෂ්මන්ත බැංගලෝරයෙන් අයිපීඑල් තරග බිමට

0
Wanindu and Dushmantha to IPL - වනිඳු සහ දුෂ්මන්ත බැංගලෝරයෙන් අයිපීඑල් තරග බිමට

2021 අයි පී එල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර සමග විරාත් කෝලි ගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කන්ඩායම ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

කොවිඩ් තත්වය හමුවේ පසුගිය මැයි මාසයේදී තාවකාලිකව අත්හිටුවන ලද අයි පී එල් තරගාවලිය ලබන මස 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නැවත ආරම්භ කිරීමට නියමිතයි.

එහි අවසාන මහා තරගය ඔක්තෝබර් 15 වනදාටයි සැලසුම් කර ඇත්තේ.

වනිඳු හසරංග මේ වනවිට පන්දුවාර 20 පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේයි පසුවන්නේ.

අයි පී එල් තරගාවලිය වෙනුවෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමෙන් අනතුරුව දින 06 ක් නිරෝධායනය වීමටද නියමිතව තිබෙනවා.

රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ පළමු තරගය ලබන මස 20 වනදා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි පැවැත්වෙන්නේ.