ඇඳිරි නීතිය සමයේ භාණ්ඩ හා සේවාවන් ලබා ගත යුත්තේ මෙලෙසයි

0
Super Markets and Mobile Trucks in Lockdown Season - ඇඳිරි නීතිය සමයේ භාණ්ඩ හා සේවාවන් ලබා ගත යුත්තේ මෙලෙසයි
නිරෝධායන ඇඳිරි නීතිය සමයේ පවත්වා ගෙන යා හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ අලෙවියට අවසර හිමිවන අතර බේකරි නිෂ්පාදන ජංගම රථ මගින් බෙදාහැරීමට ද අවසර හිමි වනවා.

සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් බැංකු විවෘත ව තැබෙන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

අවමංගල්‍ය උත්සව පැය 24ක් තුළ අවසන් කළ යුතු බවත් එහි සඳහන්.

සම්පූර්ණ නිවේදනය පහතින් කියවිය හැකියි.