දක්ෂ ක්‍රීඩක පිය-පුතු දෙපළක් කොවිඩ් වැළඳීමෙන් මරුට

0
Two Former School Players Dead by Covid - දක්ෂ ක්‍රීඩක පිය-පුතු දෙපළක් කොවිඩ් වැළඳීමෙන් මරුට

කොළඹ, රාජකීය විද්‍යාලයේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සුල්කි හමීඩ් සහ ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ට රග්බි ක්‍රීඩකයෙකු වූ ඔහුගේ පියා වන ඊබ්‍රහීම් හමීඩ් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ, සුල්කි හමීඩ් මහතා ඊයේ (20) දිනයේදීත්, ඔහුගේ පියා පෙරේදා (19) දිනයේදීත් ජීවිතක්ෂයට පත්වීමය.

සුල්කි හමීඩ් වර්ෂ 1991-92 අවුරුදු දෙක තුළ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කළ අතර,කණ්ඩායමේ කඩුළු රකින්නා මෙන්ම ප්‍රබල පිතිකරුවෙකු ද විය.

සුල්කිගේ පියා මරදාන, සහිරා විදුහලෙන් බිහිවූ දක්ෂ රග්බි ක්‍රීඩකයෙකු වූ අතර, 1971 වසරේදී පොලිස් රගර් කණ්ඩායමේ නායකත්වය දැරීය.

(mawbima.lk වෙබ් අඩවිය ඇසුරිනි)