සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්

0
Warning from Health Section - සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි සති දෙක තුන තුළ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල වැඩිවීමක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වියහැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව පැවසීය.

මේ වනවිට මරණයට පත්වන්නේ මීට සති දෙක තුනකට පෙර රෝහල්ගතවූ පුද්ගලයින් බවද ඒ මහතා කීය.

සංචරණ සීමා පවත්වාගෙන යමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිමෙන් පමණක් ඉදිරියේ දි යහපත් තත්වයක් අපෙක්ෂා කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් වෛරසයට ගොදුරුවීමෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද විශේෂඥ වෛද්‍ය හේරත් මහතා සඳහන් කළේය.