අනියම් පෙමට බෑ කී නිසා තිදරු මවගේ හිස ගලක ගසා තුවාල කළ කාන්තාව

0
Kegalle Love Affair Incident - අනියම් පෙමට බෑ කී නිසා තිදරු මවගේ හිස ගලක ගසා තුවාල කළ කාන්තාව

තමන්ගේ නිවෙසට එන පිරිමියෙක් සමඟ අනියම් පෙම් සම්බන්ධයක් පැවැත්වීමට අකැමැත්ත ප්‍රකාශ කළා යැයි තරුණියක් අසල්වැසි නිවෙසක තිදරු මවකගේ කොණ්ඩයෙන් අල්ලා හිස ගලක ඇන තුවාල කර තිබෙනවා.

මේ වනවිට එම කාන්තාව කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල නගරයට ආසන්න ගමක 37 හැවිරිදි තිදරු මවක්.

ප්‍රතිකාර ලබන තිදරු මව දරුවන් තිදෙනා සමඟ නිවෙසේ පදිංචිව සිටින අතර ඇගේ 40 හැවිරිදි සැමියා කලක සිට විදේශ රටක සේවය කරන බව පොලිසිය පවසනවා.

මෙම තිදරු මව දරුවන් තිදෙනා රැක බලාගෙන අධ්‍යාපන කටයුතු සපයා දෙමින් සැමියා විදේශ රටක සිට උපයා එවන මුදලකින් ජීවත්වන බවයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙන්නේ.

මෙම තිදරු මවට යාබද නිවෙසේ පදිංචි තරුණියක් අමුතු යෝජනාවක් ගෙනත් තිබෙනවා.

ඒ තම නිවෙසට යන එන තරුණයකු සමඟ අනියම් සම්බන්ධතාවක් ගොඩනඟාගන්නා ලෙස කිහිප අවස්ථාවකදීම මෙම තරුණිය තිදරු මවට යෝජනා කිරීමයි.

තිදරු මව තරුණිය ගෙනා යෝජනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එවැනි සම්බන්ධතාවක් අනවශ්‍ය බවයි.

තමාට අනවශ්‍ය කරදර නොකරන ලෙසත් තරුණියගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

තරුණියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති තිදරු මව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දියණියත් සමඟ කෑගල්ල පොලිසියට යන අවස්ථාවේදී එම තරුණිය මඟ රැක සිට තිදරු මවගේ කොණ්ඩයෙන් අල්ලා හිස කළු ගලක දෙතුන් වතාවක් ඇන ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

සිය මව බේරා ගැනීමට දියණිය ඉදිරිපත් වූ අවස්ථාවේ සැකකාර තරුණිය දැරියටද පයින් පහරදී එළවා දමා තිබෙනවා.

තුවාල ලබා සිටි තිදරු මව ත්‍රිරෝද රථයකින් කැගල්ල මහ රෝහලට පැමිණ ඇතුළත් වී ඇති අතර හිසෙහි දකුණු පස ඇතිවූ තුවාලයකට ප්‍රතිකාර කරන බවත්,බෙල්ලේ වේදනාව ඇති බවත් ඇය පවසන බවත් පොලිසිය පවසනවා.

එමෙන්ම ඇය පොලිසියට කියා ඇත්තේ මෙම තරුණිය ගෙන එන යෝජනාවලට තමන් අකැමැති බව ප්‍රකාශ කරන ලෙසයි.

එබැවින් තම සැමියා දිවයිනට යළි පැමිණෙන තුරු නිවෙසේ නිදහසේ ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.