අද රාත්‍රී 10 සිට ලබන 30 වන සඳුදා තෙක් රටම ලොක්ඩවුන්

0
Lockdown Sri Lanka - අද රාත්‍රී 10 සිට ලබන 30 වන සඳුදා තෙක් රටම ලොක්ඩවුන්
අද රාත්‍රී 10 සිට ලබන 30 වන සඳුදා තෙක් සමස්ත රටම ලොක්ඩවුන් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ සියලු අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි.

රෙගුලාසි වලට අනුගත වෙමින් නිවෙස් තුළ රැඳී සිටින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නිරෝධායන ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.