මහ නාහිමිවරුන්ගේ ඉල්ලීමට ජනපති හිස නමයි.. රට සතියකට වැසේ..?

0
Lockdown Decision Today - මහ නාහිමිවරුන්ගේ ඉල්ලීමට ජනපති හිස නමයි.. රට සතියකට වැසේ..?
මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම පරදී රට සතියක කාලයක් වසා දැමිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

බොහෝ දුරට අද පස්වරුවේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකර මේ බව සඳහන් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපතිවරයා හෙට මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇති බවද එම වාර්තාවල සඳහන්.

UPDATE : අද රාත්‍රී 10 සිට ලබන 30 වන සඳුදා තෙක් රටම ලොක්ඩවුන්
අද රාත්‍රී 10 සිට ලබන 30 වන සඳුදා තෙක් සමස්ත රටම ලොක්ඩවුන් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ සියලු අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි.

රෙගුලාසි වලට අනුගත වෙමින් නිවෙස් තුළ රැඳී සිටින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.