රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නැති බව ගම්මන්පිල කියයි

0
Udaya Gammanpila Twitter Status of Fuel - රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නැති බව ගම්මන්පිල කියයි
රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ කිසියම් ලෙසකින් ඉන්ධන හිගයක් පවතින්නේ නම් පළමුවෙන් රටට එය පවසන්නේ තමන් විසින් බවයි.

ඒ අනුව කිසියම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කලා.

රට තුළ ඉන්ධන හිගයක් ඇති වීමේ අවදානමක් ඇති බවත්, මේ වන විට ඩීසල් සංචිත දින 11 කට සහ පෙට්‍රල් සංචිත දින 10 කට පමණක් ප්‍රමාණවත් බවයි ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඊයේ මාධ්‍ය හමුවකදී සඳහන් කලේ.

ඊට ප්‍රතිචාර දක්වමින් උදය ගම්මන්පිළ මහතා මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර තිබෙනවා.