දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කෙරේ

0
Isolated areas in sri lanka - ග්‍රාම නිලධාරී වසම් 13ක්
ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා

එම ප්‍රදේශ පහතින්

1 . කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් බල ප්‍රදේශය
⏺️ කොළමුන්න ග්‍රාම නිලධාරී වසම
⏺️ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම

2 . ගම්පහ දිස්ත්‍රික්කය
මහබාගේ පොලිස් බල ප්‍රදේශය

⏺️ ඇලපිටිවල නවම්මහර ගම
⏺️ මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර

3 ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව පොලිස් බල ප්‍රදේශය
⏺️ දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම

අහංගම පොලිස් බල ප්‍රදේශය
⏺️ අටානිකිත ග්‍රාම නිලධාරී වසම

4. රත්නපුර දිස්ත්‍රික්කය
පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය

⏺️ සන්නස්ගම ග්‍රාම නිලධාරී වසම
⏺️ දොඩගස්වින්න ග්‍රාම නිලධාරී වසම
⏺️ ගොඩගම ග්‍රාම නිලධාරී වසම

කහවත්ත පොලිස් බල ප්‍රදේශය

⏺️ කටංගේ අංක 3 කොටස

5. හම්බන්තොට දිස්ත්‍රික්කය
⏺️ සූරියවැව නගරය

6. කෑගල්ල දිස්ත්‍රික්කය
බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය

⏺️ උඩපොත ග්‍රාම නිලධාරී වසම
⏺️ කැන්දාව ග්‍රාම නිලධාරී වසම

ග්‍රාම සේවා වසම් 3ක් හුදෙකලා බවින් ඉවත් කරයි

එසේ ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා වෙද්දි තවත් ග්‍රාම සේවා වසම් 3ක් හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා.

මේ අතර ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568 දෙනෙකු වාර්තා වී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් ආසාදිතයින් 38 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනා ගෙන තිබේ.

එම ආසාදිතයන් ද ඇතුළුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ, 129,755ක් ලෙසයි.

(https://newsweb.lk/newsweb-lk-අද-සමස්ත-ආසාදිතයින්/)

මේ අතර ඊයේ මෙරටින් කොරෝනා මරණ 23ක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ යනු ඇති.

(https://newsweb.lk/newsweb-lk-covid-19-මරණ-23ක්/)

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/