කොරෝනා අවධානම නිසා තවත් නගර 21ක් වැසේ.. වසා දැමුණු මුළු නගර සංඛ්‍යාව 79කි…

0
Cities Closed Due to Current Covid Situation - කොරෝනා අවධානම නිසා තවත් නගර 21ක් වැසේ.. වසා දැමුණු මුළු නගර සංඛ්‍යාව 79කි...
කොරෝනා අවධානම හේතුවෙන් තවත් නගර 21 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.

මෙම නගරවල ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරයි.

දිවයින පුරා නගර 58ක කඩ සාප්පු දැනටමත් වසා දමා ඇති අතර, මේ වන විට වසා දැමුණු මුළු නගර සංඛ්‍යාව 79 කි.

ඒ අනුව, වරකාපොළ, වාරියපොල, දූනගහ, කුලියාපිටිය, කඹුරුපිටිය, ඌරුබොක්ක, පාදුක්ක, ඇහැළියගොඩ, මැදගම, හංහමුණුව, කිලිනොච්චිය, තිස්සමහාරාමය, වීරවිල, පන්නේගමුව, යෝධකණ්ඩිය, දෙල්ගොඩ, හික්කඩුව, හබරාදූව, බඩල්කුඹුර, ගාල්ල උඩුගම, හසලක යන නගරවල කඩසාප්පු මෙන්ම වෙළෙඳ සංකීර්ණ ද අද (19) සිට මෙසේ වසා දමා ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල නගරයේ වෙළෙදසැල් 500කට අධික සංඛ්‍යාවක් ඇති අතර වෙළෙද සැල් හිමියන් සහ සේවකයින් කිහිපදෙනකු කොවිඩ් ආසාදිතව ඇති බවත්, මෙම වසංගතය පැතිරීම වැළැක්වීම සදහා වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බවත් වරකාපොල සිංහල වෙළෙද සංගමයේ සභාපති සංජීව ලසන්ත මහතා පැවසීය.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)