රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක්?

0
Redy for Lockdown by President - රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක්?

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.

මේවන විටත් ටික කලකට හෝ සම්පූර්ණයෙන් වසා දමන ලෙසට අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් ඇතුලු විවිධ පාර්ශව ගණනාවකින් රජයට බලපෑම් කරන අතර දිවයිනේ නගර 25කට වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙක් අගුලු දමාගෙන තිබෙනවා.

මේ අතර ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ හෙට දිනයේදී ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ සූදානමක් ද ඇති බවයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ එම අවස්ථාවේදී නිරෝධායන රට වසා දමන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවයි.

මේ අතර මේවන විටත් සෑම දිනකම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා පැය 6ක නිරෝධායන ඇඳිරි නීති කාලයක් රට තුල ක්‍රියාත්මක වනවා.