පළාත් අතර සංචරණයට අවසර හිමිවන පිරිස මෙන්න

0
Travel Restriction Update - පළාත් අතර සංචරණයට අවසර හිමිවන පිරිස මෙන්න
පළාත් අතර අතර ගමන් කිරීමට අවසර ලැබෙන කණ්ඩායම් 9 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (19) ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මේ අනුව පළාත් අතර ගමන් කිරීමට මෙසේ අවසර ලැබෙනුයේ සෞඛ්‍ය සේවා, පොලිසිය, ත්‍රිවිධ හමුදාව , රාජ්‍ය නිලධාරීන් අත්‍යවශ්‍ය නිල චාරිකාවල නිරත වන්නන්, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින්නන්, උපයෝගීතා සේවාවල නිරතවන්නන්, පවුලේ සමීපතම මරණයක් සඳහා ගමන් කරන පුද්ගලයන් සහ වරාය හා ගුවන් තොටුපොළ සඳහා ගමන් කරන්නන් යන කණ්ඩායම්වලටය.

මේ පිරිස්වලට ලබන 31වැනිදා දක්වා පළාත් අතර ගමන් කිරීමට මේ අනුව අවසර හිමිවනු ඇත. පවුලේ සමීපතම පුද්ගලයකුගේ මරණයක් සඳහා ගමන් කරන පුද්ගලයන් සහ වරාය ඔහු ගුවන්තොටුපොළ සඳහා යන පුද්ගලයන් ඒ සඳහා සාක්ෂි ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

රජය මෙම කණ්ඩායම්වලට පළාත් අතර ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ මහජන සේවා යථා පරිදි පවත්වාගෙන යෑම සඳහාය.