අද දිනයේ කොරෝනා ආසාදිතයන් ගණන 3,600 ඉක්මවයි

0
Covid New Cases Today in Sri Lanka - අද දිනයේ කොරෝනා ආසාදිතයන් ගණන 3,600 ඉක්මවයි
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 1,232ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද මෙරටින් වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,660ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිතයන් 369,343ක් හඳුනාගෙන තිබෙනවා.

කොරෝනා ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 42,721 ක පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,359 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Today Recoveries

මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 316,699 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අද කොවිඩ් මරණ 170ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.