බදියුදීන් සහෝදරයන්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට සූදානම්

0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙරේදා 24 අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුදීන් යන දෙදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග  ගැනීමට සූදානම් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන් දෙදෙනා ඊයේ 24 අත්අඩංගුවට ගත් බවත් පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි පැවසෙන්නේ.

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී බවත් රියාඩ් බදියුදීන් අය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෘජු හා විද්‍යාත්මක, පර්යේෂණ සාක්ෂි මත බවත් මේ වනවිට ඔවුන්ට එරෙහිව පවතින සාක්ෂි පදනම් කරගනිමින් ප්‍රශ්න කිරීම සිදු කරන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

රියාජ් බදියුදීන් මීට ප්‍රථම ද අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගෙන සිට පසුව නිදහස් කර තිබුණා.