රට වහන්නේ නෑ.. දැඩි සංචරණ සීමා පනවනවා…

0
Gotabaya Rajapaksa Decision - රට වහන්නේ නෑ.. දැඩි සංචරණ සීමා පනවනවා...
රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර ඇත.

රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත් ,ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)