තවත් කොරෝනා මරණ 171ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොරෝනා මරණ 171ක් වාර්තා වෙයි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව තුල දෛනිකව වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව අද දිනයේ වාර්තාකර තිබෙනවා.

ඒ තවත් කොරෝනා මරණ 171ක් තහවුරු කිරීමත් සමඟය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) මෙම මරණ තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 102ක් සහ කාන්තාවන් 69ක් වනවා.

අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඊට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 35ක් සිදුව ඇති අතර ඒ පිරිමි 23ක් සහ කාන්තාවන් 12ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිම පුද්ගලයන් 77ක් සහ කාන්තාවන් 57ක් ද මියගිය පිරිස අතර වනවා.