නිදි යහනේම මියගිය දෙදරු මව

0
Dead Women in Thalangama - නිදි යහනේම මියගිය දෙදරු මව
උතුරු තලංගම මුත්තෙට්ටුවගොඩ පාරේ දෙමහල් නිවෙසක හුදෙකලාව ජීවත් වූ දෙදරු මවක් ඇයගේ නිදන කාමරයේ නිදියහනේ මියගොස් සිටියදී මියගිය අයගේ සොහොයුරකු විසින් සොයා ගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ 71 හැවිරිදි කාන්තාවක්.

ඇයගේ දරුවන් විදේශ රටක ජීවත් වන අතර දිනපතා මියගිය කාන්තාව හා දුරකථන ඔස්සේ කතාකර දුක සැප විමසීම පුරුද්දක් කරගෙන තිබූ අතර ඒ අනුව ඇය මියගිය 15 වැනි දින ප.ව. 2.30ට පමණ ඇය හා කතාකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ මෙරට ජීවත්වන සොහොයුරියක් එදින පස්වරු 5.00ට පමණ මියගිය කාන්තාවට දුරකථන ඇමැතුමක් ලබාගෙන ඇතත් ඊට පිළිතුරක් නොලැබීම නිසා මියගිය කතගේ වෙනත් සොහොයුරකුට ඒ පිළිබඳ විමසා බලන ලෙසට දන්වා තිබෙන බවයි දිනපතා පළවන පුවත්පතක් වාර්තා කර තිබෙන්නේ.

එම තොරතුරට අනුව මුත්තෙට්ටුව ගොඩ පාරේ නිවෙස වෙත පැමිණි මියගිය අයගේ සොහොයුරා එම නිවෙසේ පහත මහලයේ කුලී පදනම මත පදිංචිව සිටින කළුබෝවිල වෛද්‍යවරයකු සමඟ ඉහත මහලයේ වූ ජනේලයක් බිඳ ඇතුළු වී සිදුකළ විමර්ශනවලදී නිදන කාමරයේ ඇඳක් මත නිදා සිටින අයුරින් වැටී සිටි කාන්තාව මියගොස් ඇති බව වෛද්‍යවරයා නිගමනය කර තිබෙනවා.