ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හදුනාගනී

0
Covid Delta New Variants - ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හදුනාගනී

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ් බව හෙළි කළේය.

ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඇතැම් විට කොවිඩ් රෝගය පැතිර යෑම ඉහළ යෑමට එම විකෘති ප්‍රභේද හේතුවක් විය හැකි බවද පැවසු චන්න ජයසුමන මහතා, මීට පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බව ද සඳහන් කළේය.

මේ අතර මෙරටට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ජනගහනයෙන් සියයට 54ක් එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති අතර සියයට 21ක් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.