කොළඹ ප්‍රධාන පාසලක උසස් පෙළ සිසුවෙක් කොවිඩ්වලින් මරුට

0
Student Dead from Covid - කොළඹ ප්‍රධාන පාසලක උසස් පෙළ සිසුවෙක් කොවිඩ්වලින් මරුට

කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙක් කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වී තිබේ.

ඉකුත් 10 වනදා කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු නිවසේ රැඳීසිට ඇති එම සිසුවා 14 වනදා කළුබෝවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණි.

රෝහල්ගත කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ද ලබාදී තිබුණි.

කෙසේවෙතත් එම සිසුවා ඊයේ (15) ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා විය.

කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි සස්මිත ඉසිපතන විද්‍යාලයේ ඉතා දීප්තිමත් සිසුවෙකි.

පවුලේ වැඩිමහල් දරුවා වූ සස්මිත ට බාල සහෝදරියක් සහ සහෝදරයෙකු ද වෙයි.