අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදු කෙරේ.. නව අමාත්‍යවරුන්ගේ තොරතුරු මෙන්න…

0
Babinet Reshuffle - අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදු කෙරේ.. නව අමාත්‍යවරුන්ගේ තොරතුරු මෙන්න...

කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දෙනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුනි.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දී ඇත්තේ විදුලිබල අමාත්‍යවරයා ලෙසය.