විවාහ ලියාපදිංචියක් සඳහා අද සිට සහභාගී විය හැකි පිරිස මෙන්න

0
Wedding Registation from Today - විවාහ ලියාපදිංචියක් සඳහා අද සිට සහභාගී විය හැකි පිරිස මෙන්න

විවාහ ලියාපදිංචියක් කිරීමට අවශ්‍ය නම් නිවසේ දී එය සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ සඳහා සහභාගී විය හැක්කේ මනාලයා,මනාලිය , සාක්ෂිකරුවන් , දෙමාපියන් සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයාට පමණක් බව ද ඔහු සඳහන් කළා.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරෝධායන නියෝග රැසක් ඊයේ (15) දිනයේ පැනවූ අතර විවාහ උත්සව වැනි අවස්ථා ද පැවැත්විය නොහැකි බවයි එහිදී සඳහන් කෙරුණේ.

එහෙත් විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් එය සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.