වගා ළිඳක වැටී සිටියදී බේරාගත් වන අලියා ජීවිතයක් බිලිගනී

0
Dead by Elephant Attack - වගා ළිඳක වැටී සිටියදී බේරාගත් වන අලියා ජීවිතයක් බිලිගනී

වගා ළිඳකට වැටුණු වන අලියෙකු බේරාගත් පිරිසකට එම අලියා පහරදීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම අවාසනාවන්ත පුවත ඊයේ (14) වාර්තා වී තිබුණේ මහව කරුවලගහවත්ත ප්‍රදේශයෙනි.

ළිඳකට වැටී සිටි අවුරුදු 3ක පමණ වන එම වන අලියෙක් බේරාගැනීමට ගම්වාසීන් අද උදෑසන සිට දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි.

කෙසේවෙතත් අලියා බේරී පළායන අවස්ථාවේ අවට රැස්වී සිටි පිරිස ලුහුබඳිමින් වන අලියා කලබලකාරී ලෙස හැසිරී ඇත.

එහිදී වන අලියා ගම්වාසියෙකුට පහරදී ඇති අතර ඔහු එම ස්ථානයේ මරණාසන්නව වැටී සිටියේය.

වයස අවුරුදු 55 ක් පමණ වන මෙම අවිවාහක පුද්ගලයා පසුව ජීවිතක්ෂයට පත්වී තිබුණි.

මේ අතර පුත්තලම උඩප්පුව ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ පැමිණි වන අලියෙක් ප්‍රදේශයෙන් පලවා හැරීමට ගම්වාසීන් දැඩි උත්සාහයක නිරත වී තිබුණි.

මෙහිදී අලියා පලවා හැරීමට පැමිණි පිරිස් නොසැලකිලිමත් ලෙස හැසිරීම හේතුවෙන් වන අලියා කුලප්පු වී පහරදීම සඳහා ලුහුබඳින ආකාරය අප කැමරාවේ සටහන් වී තිබුණි.

එම පහරදීමකින් ද එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)